ක්වින්ස්ලන්ඩ්හි ප්‍රධාන සංචාරක කලාපයක් දැඩි අවදානමක

ඩිංගෝ සුනඛයන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ක්වින්ස්ලන්ඩ්හි ප්‍රධාන සංචාරක කලාපයක් දැඩි අවදානමට ලක්ව තිබෙනවා.

ක්වින්ස්ලන්ඩ්හි සන්ෂයින් වෙරළට උතුරින් පිහිටි කගරී දූපත මෙලෙස ඩිංගෝ සත්වයන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ දෙස් විදෙස් සංචාරකයින් අතර වඩාත් ආකර්ෂණීය ස්ථානවලින් එකක් ලෙසයි කගරී දූපත සැලකෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී පමණක් සංචාරකයි 12 දෙනෙකු එහිදී දරුණු ඩිංගෝ ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති බව සඳහන්.

සෑම වසරකම සංචාරකයින් ලක්ෂ 5ක් පමණ දූපත වෙත පැමිණෙන අතර මේ හේතුවෙන් එය අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

සංචාරකයින් මෙම කලාපයේ කඳවුරු බඳිමින් විනෝද වන අතර ඩිංගෝ ප්‍රහාරයන් හේතුවෙන් මෙලෙස කඳවුරු බැඳීම අවදානම් බවයි සංචාරකයින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්වින්ස්ලන්ඩ් පරිසර අමාත්‍ය ලෙආන් ලිනාඩ් සඳහන් කළේ පරිසර සමතුළිතතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »