එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව එවැනි “සත්‍ය නොවන, නොපැහැදිලි සහ පක්ෂග්‍රාහී” වාර්තාවක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ට කිසිඳු සාමාජිකයෙකු විසින් නියම කරනු ලැබ නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනාව දේශපාලනීකරණය වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාව නිකුත් කළ අකාරයෙන් පෙනී යන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබියදී වාර්තාව නිකුත් කිරීමේ අරමුණ කුමක්දැයි ප්‍රශ්න කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක විසින් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වෙත ලිපියක් යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ ද කතා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »

වික්ටෝරියාවේ Gellibrandහි ඇවිදින මංතීරුවක අබිරහස් මළ සිරුරු දෙකක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක තිබී හමු වූ පුද්ගල මළ සිරුරු දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

AI නිසා ඔස්ට්‍රේලියාවේ රැකියාවලට වෙන්න යන දේ

නවීන තාක්ෂණයත් සමග ඉදිරියේදී රැකියා වෙළඳපොල තුල සිදු වන වෙනස්කම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර විවිධ මත පවතින බවට නව සමීක්ෂණයක් මගින් හෙළිවී තිබෙනවා.

Read More »