ඩිජිටල් හැඳුනුම්පත් භාවිත කරන්න නීතිමය අවසරය ළඟදීම

ඔස්ට්‍රේලියානුවන්ට ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම සදහා නීතිමය අවස්ථාව ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මෙතක් ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම සදහා ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව පැවතියද ඒ සඳහා නීතිමය අවසරයක් මෙතෙක් ලැබී තිබුණේ නැහැ.

ඩිජිටල් හැඳුනුම්පතට අදාළ නීති පසුගිය මාර්තු මස අගදී සෙනෙට් සභාවේදී සම්මත වූ අතර ඉදිරි පාර්ලිමේන්තු රැස්වීමේදී එම පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රියා කරන්නේ කෙසේද, එවැන්නක් අවශ්‍ය වන්නේ ඇයි, යන්න පිළිබද (https://my.gov.au/) යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

නව තාක්ෂණයත් සමග ඔස්ට්‍රේලියානුවන් මේ වන විටත් ඩිජිටල් හැඳුනුම්පත භාවිත කරන අතර ව්‍යාජ ඩිජිටල් හැඳුනුම්පත් හඳුනා ගැනිමේ ක්‍රියාවලියක් ද ස්ථාපිත කිරිමට නියමිත බව සදහන් කර තිබෙනවා.

ඩිජිටල් හැඳුනුම්පත ඔබට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගත හැකි අතර (https://my.gov.au/) වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකියි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »