වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

ඔප් ෂොප් (Op shop) ලෙසට හඳුන්වනු ලබන එවැනි අලෙවිසැල් තුළ පසුගිය මූල්‍ය වර්ෂයේ සියයට 50 කට වඩා වැඩි අලෙවියක් සටහන් වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා සියයට 34ක් වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙළඳසැල් වෙත පැමිණ තිබුණා.

කර්මාන්ත ප්‍රධානීන් පවසන්නේ ජීවන වියදම් පීඩනය සහ භාවිත කළ භාණ්ඩ කෙරෙහි දක්වන ආකල්පමය වෙනසක් නිසා පාරිභෝගික වැඩිවීම තවදුරටත් සිදුවන බවයි.

ඔස්ට්‍රේලියාවේ නව දත්ත වලට අනුව ජීවන වියදම් පීඩනය සහ පාවිච්චි කරන ලද භාණ්ඩ කෙරෙහි ඇති ආකල්ප වෙනස් වීම මධ්‍යයේ ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් ඔප් ෂොප් සහ අනෙකුත් භාවිත කරන ලද ඇඳුම් සැපයුම්කරුවන් වෙත යොමු වෙමින් සිටිනවා.

සහන සේවාවන් සඳහා අරමුදල් සැපයීමට ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන වෙළඳසැල් ජාලයක් වන විනීස් වෙත පෙර වසරට සාපේක්ෂව පසුගිය මූල්‍ය වර්ෂය තුළ මිලියනයකට අධික පිරිසක් පැමිණ තිබෙනවා.

එය සියයට 34.7ක වැඩිවීමක් බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »