සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සැකකරු මාර්තු 25 වන දින මවුන්ට්වීව් සාප්පු මධ්‍යස්ථානයෙන් පිටතදී මෙලෙස තමාගේම ගෙලට පිහියක් තබමින් හිස ගසා දැමීමට සූදානම් වන බව පවසමින් එය විඩියෝගත කර දෙමාපියන් වෙත යවා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම විඩියෝව ISIS සටන්කාමී විඩියෝවක් ලෙස රූගත කර ඇති අතර සැකකරු ISIS ත්‍රස්ථ සංවිධානය හා සම්බන්ධතාවක් පවතීද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙය ISIS විසින් කරන ලද අනතුරු ඇඟවීමක් ලෙසටයි ඔහු එම වීඩියෝව අවසානයේදි සඳහන් කර තිබූණේ.

ඊළඟ සතිය තුළ ISIS හිස ගසා දැමීමක් සාප්පු සංකීර්ණයක් තුළ සිදුවන බව ද පවසා ඇති අතර යමෙකුගේ හිස කපා දැමීමට තමාට අවසර ලැබී ඇති බව ද සැකකරු එමගින් අවධාරණය කර තිබූ බව සඳහන්.

මෙම තරුණයා ඔහු යළිත් මැයි 31 වනදා අධිකරණය හමුවේ පිනී සිටීමට නියමිතයි.

සැකකරු මානසික ආබාධයකින් පෙළෙන බවත්, ඔහුගේ උමතු භාවය හේතුවෙන් මෙවැන්නක් සිදු කර ඇති බවට සැක පල කරන අතර අදාළ වෛද්‍ය වාර්තා කැඳවීමටත් නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »