Search

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

යානයේ ඇතුලත පීඩන තත්වයේ මතුවූ ගැටලුවක් අනාවරණ වීමෙන් පසු යානය නැවත හරවාගෙන ඒමටයි නියමුවන් ඇතුලු කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

Virgin Airlines හි VA 455 දරන ගුවන් යානය ඊයේ රාත්‍රියේ සවස 6ට පමණ බ්‍රිස්බේන් ගුවන් තොටුපළෙන් ඩාර්වින් වෙත පිටත් වූයේ රාත්‍රී 10.20ට පමණ එහි ළඟා වීමේ අරමුණින්.

එහෙත් ගුවන්ගත වී ටික වේලාවකින් යානය බ්‍රිස්බේන් වෙත ආපසු ගොඩබෑමට සිදු වූ අතර ක්වීන්ස්ලන්ඩ් ගිනි නිවන සහ මුදාගැනීමේ අංශය ද ඒ මොහොත වෙනුවෙන් සූදානමින් සිට තිබෙනවා.

හදිසියේ මතුවූ මෙම ගැටලුවට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්වෙන බවයි Virgin Airlines සඳහන් කළේ.

මෙවැනි අවස්ථාවන්හිදී මගීන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම ප්‍රමුඛතාවය වන අතර යානය හරවාගෙන පැමිණීමට තීරණය කර ඇත්තේ ගැටලුව විසඳීමේ අරමුණින් සහ ගුවන් යානයට මෙන්ම මගීන්ට කිසිදු අනතුරක් නොවන බව සහතික කර ගැනීමේ අදහසින් බව ද ඔවුන් අවධාරණය කළා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »