නිවසක් ගැන බලාපොරොත්තු බිඳ වැටෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ නිකුත් කරන ලද නව පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත චක්‍රය අග නගර, තදාසන්න ප්‍රදේශ සහ ග්‍රාමීය ප්‍රදේශවල නිවාස මිල කෙරෙහි බලපෑමක් ඇති කර ඇති බවයි.

2022 වසරේ අප්‍රේල් මාසය දක්වා නිවාස මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ සියයට 2.8කින් පමණක් බවයි දේපල වෙලඳපොලේ කාර්ය සාධනය සංසන්දනය කරන CoreLogic විශ්ලේෂණය පෙන්නුම් කර ඇත්තේ.

එහෙත් මෙම අගය ගතවූ වසර දෙක තුළ සියයට 31.7ක සැලකිය යුතු වර්ධනයක් සමඟ තියුනු මිල ගණන් වෙනසක් පෙන්නුම් කර තිබෙනවා.

CoreLogic පර්යේෂණ අධ්‍යක්ෂ ටිම් ලෝලස් (Tim Lawless) පැවසුවේ වාර්තාගත ඉහළ සංක්‍රමණ, දැඩි කුලී කොන්දේසි සහ අඩු සැපයුම හේතුවෙන් ඇතැම් නගරවල නිවාස මිල ගණන් ඉහළ යාමට හේතුවක් වී ඇති බවයි.

2022 අප්‍රේල් මාසයේ සිට සියයට ඍණ 4.2 ක පහත වැටීමක් වාර්තා කළ මෙල්බර්න් හා සසඳන විට පසුගිය වසර දෙක තුළ සිඩ්නි හි, නිවාස වටිනාකම් සියයට 0.4 කින් වැඩි වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී පර්ත්හි තදාසන්න ප්‍රදේශවල නිවාස මිල සියයට 97.3 ක් වාර්තාගත ඉහළ මට්ටමක පැවති අතර, ඇඩිලේඩ් සියයට 90.0 කින් සහ බ්‍රිස්බේන් සියයට 85.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

CoreLogic පවසන්නේ පර්ත් සහ ඇඩිලේඩ්හි නිවාස වෙලඳපොලවල මිල ගණන් ඉහළ යාම ඉදිරි මාසවලදී මන්දගාමී වීමේ සලකුණු පෙන්නුම් කරන බවයි.

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »