රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වසර 3කට පසු දකුණු ඔස්ට්‍රේලියානු ගිලන්රථ සේවාව වසර තුනකින් වේගවත්ම ප්‍රතිචාර කාලය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය වසර තුන තුළ වාර්තා වූ වේගවත්ම ගිලන්රථ ප්‍රතිචාර කාලයෙන් දකුණු ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා.

සාමාන්‍යයෙන් “ප්‍රමුඛතම” ලෙසට ශ්‍රේණිගත කෙරෙන අවස්ථා සඳහා ගිලන් රථය රෝගීන් වෙත ළඟා වීමට මිනිත්තු අටක ඉලක්කගත වේලාවක් සපුරාලිය යුතු වනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී ගිලන් රථ වෙත ඇමතුම් ලබාදුන් රෝගීන්ගෙන් සියයට 72 කට ආසන්න ප්‍රමාණයකට ඔවුන්ගේ ගිලන්රථ නියමිත වේලාවට පැමිණ ඇතැයි සඳහන්.

එය 2020 අප්‍රේල් මාසයෙන් පසු දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථවලින් වාර්තා වූ හොඳම ප්‍රතිචාර අනුපාත ලෙසට සැලකෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »