සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

News Corp Australia විසින් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් සහ සන්නිවේදන අමාත්‍ය මිචෙල් රොව්ලන්ඩ් වෙත ලබාදීමට සූදානම් වන පෙත්සමට දින තුනක් තුළ අත්සන් 4,500කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇති බව සඳහන්.

රට පුරා සිටින යෞවනයන් මානසික සෞඛ්‍ය අර්බුදයක සිටින අතර එම තත්වය මත තනිකම දැනීම, නිදා ගැනීමට නොහැකි වීම, නිසි සමාජ කුසලතා වර්ධනය කර ගැනීමට නොහැකි වීම මෙන්ම සියදිවි නසාගැනීම් වැනි ගැටලු රැසක් මතුවෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

එම සියල්ල වාර්තා වී ඇත්තේ පසුගිය දශකය තුළ සමාජ මාධ්‍ය භාවිතයේ ඇති වූ ව්‍යාප්තියෙන් බවට චෝදනා එල්ල වනවා.

සමාජ මාධ්‍ය මගින් තරුණ පරම්පරාව මිතුරන් සමඟ සම්බන්ධ කර තිබුණ ද ඔවුන් ඉතා කුඩා වයසේදී එම වයසට නොගැලපෙන අන්තර්ගතයන්ට නිරාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිදු කළ සමීක්ෂණයන්ට අනුව තරුණයන්ගෙන් සියයට 70ක් සමාජ මාධ්‍යවල සෘණාත්මක අත්දැකීමකට මුහුණ දී ඇති අතර තුන්දෙනෙකුගෙන් එක් අයෙකු දුක්ඛිත හෝ කම්පන සහගත සිදුවීමකට නිරාවරණය වී තිබෙනවා.

මේ හේතුව මත සමාජ මාධ්‍ය සඳහා යොමු විය හැකි වයස් සීමාව අවුරුදු 13 සිට 16 දක්වා ඉහළ නැංවීම සහ හානිකර අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමිනුයි News Corp Australia ව්‍යාපාරය ෆෙඩරල් රජය වෙත මෙම පෙත්සම භාරදීමට සැලසුම් කර ඇත්තේ.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »