ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ඇඩිලේඩ් බලා යන ගෝලර් (Gawler) මාර්ගයේ දුම්රියකදී සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් 47 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එම දුම්රියේම සිටි සැකකරු කාන්තාවන්ට පහර දී, කෙළ ගසා ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

දුම්රිය ඇඩිලේඩ් වෙත පැමිණීමෙන් පසු එම පුද්ගලයා පිටවීමේ බාධක පැන ඇඩිලේඩ් ඕවල් දෙසට දිව ගිය අතර ඔහු ඉක්මනින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම පුද්ගලයාට පොලිස් ඇප නියම වූ අතර ලබන අගෝස්තු 13 වැනිදා ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එතෙක් ඔහුට මාස තුනක කාලයක් පොදු ප්‍රවාහනය තහනම් කර ඇතැයි ද සඳහන්.

කිල්බර්න් සහ ඇඩිලේඩ් අතර ප්‍රදේශයේදී වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට තොරතුරු ලබාදිය හැකි බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »

වික්ටෝරියාවේ Gellibrandහි ඇවිදින මංතීරුවක අබිරහස් මළ සිරුරු දෙකක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක තිබී හමු වූ පුද්ගල මළ සිරුරු දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »