දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරෝක් මෙහෙයුම පසුගිය බදාදා සිට සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වූ අතර, එම කාලය තුළ පොලිසිය වැරදිකරුවන් 554ක් අත්අඩංගුවට ගෙන චෝදනා 1070ක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 226 දෙනෙකු බරපතළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අය බව සඳහන්.

ඔවුන් අතර කෙම්සිහි දී ව්‍යාජ ගිනි අවියක් පෙන්වා කාන්තාවකට තර්ජනය කළ බව කියන 53 හැවිරිදි පුද්ගලයෙක් සහ සිඩ්නිහිදී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන 16 හැවිරිදි දැරියක් ද ඇතුළත්.

පසුගිය වසරේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් සඳහා නිව් සවුත්වේල්ස් පොලිසිය වෙත ඇමතුම් 150,000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පීටර් තර්ටෙල් ප්‍රකාශ කළේ රජය කිසිදු ආකාරයකින් ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වය නොඉවසන බව මෙම අත්අඩංගුවට ගැනීම් තුළින් වැරදිකරුවන්ට සහ සමාජයට ප්‍රබල පණිවිඩයක් යොමු කෙරෙන බවයි.

මේ අතර මෙම සාහසික අපරාධය කරන ඕනෑම කෙනෙකුගේ නිවසට පොලිසිය පැමිණිය හැකි බව පොලිස් ඇමති යස්මින් කැට්ලි අවධාරණය කළා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »