ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලු පිරිස රැගත් හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණය මධ්‍යයේ කඳුකරය හරහා යමින් සිටියදී කඩා වැටී ඇති බවයි ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ.

සිද්ධිය වූ ස්ථානයට ළඟා වීමට සහන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

ඉරානයේ වයඹ දෙසින් පිහිටි අසර්බයිජාන් දේශ සීමාවේ උත්සව කිහිපයකට ගොස් ආපසු එන අතරමගදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් පසු ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ අවදානමට ලක්ව ඇති බව සඳහන්.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටියේ එක් මගියෙකු සහ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහන කණ්ඩායම් සමඟ සම්බන්ධ වී ඇති බවයි.

තුර්කි ඩ්‍රෝන යානයක් හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් හඳුනාගෙන ඇති අතර එම ස්ථානයේ තොරතුරු ඉරාන බලධාරීන්ට ලබාදී තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »