Search

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

පුද්ගලයින් 1842 දෙනෙකු මේ වන විට ඒ සඳහා අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

නව නීති යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන උපාධි අපේක්ෂකයින්ට ලබන ජූලි මස පළමුවනදා සිට වයස් සීමාව අවුරුදු 35 තෙක් සීමා වන අතර එම සීමාව ලිහිල් කර දෙන ලෙසට පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා තිබෙනවා.

මේ හරහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදැරීමට පැමිණෙන සිසුන් සඳහා දැඩි බලපෑම් එල්ල වන බව එහි වැඩිදුරයත් සඳහන්.

ඇතැම් රටවල පවතින අධ්‍යාපන ක්‍රමය හමුවේ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ගේ වයස් සීමාව මෙලස සීමා කිරීම සුදුසු නොවන බව ද එහි වැඩිදුරටත් සඳහන්.

විශේෂයෙන් ආචාර්ය උපාධියක් සඳහා ඉල්ලුම් කරන බොහෝ දෙනෙකුගේ වයස් සීමාව සාමාන්‍යයෙන් අවුරුදු 35 ඉක්මවන බව ද පෙත්සම්කාර පාර්ශයට පෙන්වා දෙනවා.

මෙය ජාත්‍යන්තර සිසුන් සඳහා වු අවස්ථා සීමා කිරීමක් බවයි එමගින් අවධාරණය කර ඇත්තේ.

මෙම පෙත්සමට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අත්සන් කළ හැකි අතර ජූනි 12 වනදා තෙක් ඊට අවස්ථාව පවතිනවා.

ඒ අනුව 485 වීසා කාණ්ඩයේ වයස් සීමාව අවුරුදු 50තෙක් දීර්ඝ කර දෙන ලෙසයි පෙත්සම්කරුවන් ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ.

මෙය විවෘත පෙත්සමක් වන අතර මේ සඳහා දෙස් විදෙස් ඕනෑම අයෙකුට තම මතය ප්‍රකාශ කල හැකියි.

අදාළ පෙත්සමට මෙතැනින් පිවිසෙන්න.. https://www.aph.gov.au/e-petitions/petition/EN6198

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »