සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක කාලගුණය ගැන දැනුම්දීමක්

සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයකට පවතින වැසි තත්වය සති අන්තයේ ද අඛණ්ඩව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම සති අන්තයේ නිව් සවුත් වේල්ස් සහ දකුණු ක්වීන්ස්ලන්තයේ අභ්‍යන්තර ප්‍රදේශවල වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවල ගංවතුර අවදානමක් ද පවතින බවයි.

සිඩ්නි නගරයේ අඛණ්ඩව වැසි පැවති දින ගණන නවයක් වී ඇති අතර මෙම තත්ත්වයන් අවම වශයෙන් ලබන සඳුදා දක්වා පවතිනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මීට පෙර 1943 සහ 2022 වසරවලදී සිඩ්නි නුවර අඛණ්ඩව දින 16ක් වැසි පතිත වී තිබුණා.

මෙම වැසි තත්ත්වයට හේතු වී ඇත්තේ නැගෙනහිර ඔස්ට්‍රේලියාවට ඉහලින් ඇති වායුගෝලය තුළ හගගෙන ඇති පීඩන පද්ධතියක් බව කාලගුණ බලධාරීන් ප්‍රකාශ කළා.

නිව් සවුත් වේල්ස් හි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 සිට 80 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි අතර උතුරු වික්ටෝරියා සහ දකුණු ක්වීන්ස්ලන්තයේ මිලිමීටර් 20 සිට 40 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කළ කෙරෙනවා.

එබැවින් සති අන්තයේ නැගෙනහිර නිව් සවුත්වේල්ස්හි කොටස්වල අධික වර්ෂාව සහ ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතින බව අනාවැකිකරුවන් අනතුරු අඟවා තිබෙනවා.

සති අන්තයේ ගංවතුර ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති ප්‍රදේශය ඉලවර්රා සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වන අතර එහි දින දෙකක වර්ෂාපතනයේ එකතුව මිලිමීටර් 150 සිට 250 දක්වා විය හැකි බවයි පැවසෙන්නේ.

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »