මෙල්බන්හිදී පිහි ඇනුමකට ලක්වූ කාන්තාවක් රෝහලට

මෙල්බර්න් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානය ආසන්නයේ බස් නැවතුම්පොළේදී කාන්තාවක් පිහි ඇනුමකට ලක්ව තිබෙනවා.

ඉන් තුවාල ලැබූ වයස අවුරුදු 35ක් වූ කාන්තාව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සවස 5ට පමණ වෙස්ට්ෆීල්ඩ් ආසන්නයේ බස් නැවතුම්පොළක් අසලදී සිදු වූ පිහි ඇනුමට ලක්වූ කාන්තාවට ගිලන් රථ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා ඇති අතර ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

පොලිසිය පලා ගිය සැකකරු සොයා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි සැකකරුට හිතාමතා තුවාල සිදු කිරීම, ආයුධයක් ළඟ තබා ගැනීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

ඔහු අද ඩැන්ඩිනොන්ග් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »