හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වූ ස්ථානය හඳුනාගෙන ඇත්තේ තුර්කි ඩ්‍රෝන් යානයක් විසින් අකින්සි ටවල් ප්‍රදේශයේ තාප ප්‍රභවයන් දෙකක් පෙන්වා දීමෙන් පසුවයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් මත සිදු වූ අනතුරක් ලෙසටයි මෙම හෙලිකොප්ටර් අනතුර සැලකෙන්නේ.

අසර්බයිජානයට මායිම්ව පිහිටි නගරයක් වන ජොල්ෆා අසල ප්‍රදේශයට සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් 65කට වඩා යොදාගත් ගත් බව සඳහන්.

ඝන මීදුම සහ දුෂ්කර භූමි ප්‍රදේශය හේතුවෙන් ගලවා ගැනීමේ උත්සාහයට බාධා එල්ල වූ අතර ඊයේ අඳුර වැටෙන විට සෝදිසි කිරීම් නතර කිරීමට ද සිදු වී තිබුණා.

අනතුරට ලක්වූ හෙලිකොප්ටරය 1970 ගණන්වල ඉරාන හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද බෙල් 212 වර්ගයේ යානයක්.

ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලු පිරිස රැගත් හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණය මධ්‍යයේ ජොල්ෆා ප්‍රදේශයේ කඳුකරය හරහා යමින් සිටියදී කඩා වැටී ඇති බවයි ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ.

ඉරානයේ ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව ජනාධිපතිවරයා ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට යමින් සිටියේ අසර්බයිජාන ජනාධිපතිවරයා සමග එම දේශසීමාවේ ජලාශ කිහිපයක් විවෘත කිරීම් උත්සව කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

එම අවස්ථාවේ දී අදාළ හෙලිකොප්ටරයේ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමිරබ්දුල්හියාන් (Hossein Amirabdullahian), අසර්බයිජානයේ නැගෙනහිර ආණ්ඩුකාර මලික් රහ්මාති (Malik Rahmati), ඉරානයේ ටැබ්‍රයිස් හි ආණ්ඩුකාර මොහමඩ් අලි අලෙ හෂීම් (Mohammed Ali Ale-Hashem) සිටි බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »