Search

NSW නියෝජ්‍ය අගමැතිත් හුදකලා කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා වෛරසයට නිරාවරණය වූ ස්ථානයක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය John Barilaro හුදකලා කාලසීමාවකට යටත්ව තිබේ.

ප්‍රාන්ත කෘෂිකර්ම අමාත්‍ය Adam Marshall ද කොරෝනා වෛරසයට ධනාත්මක වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද වාර්තා වේ.

මේ වනවිට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය John Barilaro සිදු කල පරීක්ෂණ වල ප්‍රතිපල Negative වුවද ජුලි 6 වැනිදා දක්වා ඔහුට තවත් කොරෝනා පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සහ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard ද කොරෝනා වෛරසයට නිරාවරණය වන්නට ඇති බවට විශ්වාස කලද පසුව සිදු කල පරීක්ෂණ ඔස්සේ ඔවුන්ගේ ප්‍රතිපල සෘණාත්මක වී තිබේ.

Pic – The Australian

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »