ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාව 169ක්.

පිළිතුරු ඉනිමට තරග කළ  ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණියි

තරගයේ වීරවරිය ලෙස අගනා ශතක ඉනිමක් ක්‍රීඩාකළ චමරි අතපත්තු සම්මාන දිනාගත්තා.

මෙම තරගාවලියේ මූලික වටයේ සිට ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ කිසිඳු තරගයක් පරාජය නොවීම මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයක්ද වෙනවා.

නායිකා චමරි අතපත්තු පන්දු 63කට මුහුණදෙමින් ලකුණු 102ක් රැස්කළ අතර, එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඇය වාර්තාකළ දෙවැනි විස්සයි20 ශතය ලෙස වාර්තා අතරට එක්වුණා.

චමරිගේ ඉනිමට හතරේ පහර 13ක් හා හයේ පහර 04ක් ඇතුළත් වුණා.

ඇයට අමතරව නිලක්ෂි සිල්වා පන්දු 26කදී නොදැවී ලකුණු 26ක් රැස්කළා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »