2029 දී ඔස්ට්‍රේලියානු නව නිවාස අවශ්‍යතාව මිලියනයකින් ඉහළට

2029 වසර වන විට ඔස්ට්‍රේලියානු නව නිවාස අවශ්‍යතාව මිලියන 1.2ක් පමණ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

 

ජාතික නිවාස සම්පාදන  කවුන්සිලය විසින් මෙරට නවතම නිවාස පද්ධතියේ තත්වය පිළිබඳ වාර්තාව ෆෙඩරල් රජයට පසුගිය දා භාර දුන්නා.

 

ආන්ඩුව සිය නිවාස පොරොන්දු සියල්ල ඉටු නොකරන්නේ නම් ඉදිරි වසර කිහිපය තුළ නිවාස පද්ධතිය තවදුරටත් ව්‍යාකූල තත්වයකට පත්වන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

 

අඛණ්ඩව පවතින නිවාස හිඟය සහ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් අප්‍රේල් මාසයේදී දේපල මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා.

 

පොදු නිවාස සඳහා පොරොත්තු ලේඛනවල  පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැදහසක් පමණ සිටින අතර තවත් පුද්ගලයින් එක්ලක්ෂ විසි දෙදෙහසක් සම්පූර්ණ වශයෙන් නිවසක් නොමැතිව පීඩා විදින බව හෙළිව තිබෙනවා.

 

වාර්තා ගත නොවු තොරතුරු සැලකිල්ලට ගැනීමේ දී නිවාස ආතතිය ඔස්ට්‍රේලියානුවන් අතර ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා.

 

නිවාස ආතතිය ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටකට නොගැළපෙන තත්වයක් බවයි විශේෂඥයින් පවසන්නේ.

 

මෙම තත්වය එළෙසම පවතින්නේ නම් 2029 වසර වන විට නිවාස 40000ක අනිවාර්ය හිගයක් නිර්මාණය වන බව එම වාර්තා මගින් අනතුරු අගවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »