මහ මඟ සතුන් දමා යන ඔස්ට්‍රේලියානුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක වෙයි

බලු පැටවුන් 7 දෙනෙක් මහ මදමා ගිය ඇඩිලේඩ් යුවලකට ඩොලර් 40000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

 

ඇඩිලේඩ් පොලීසිය සඳහන් කළේ මෙම බලු පැටවුන් 7 දෙනා වාහනයකින් පැමිණි යුවලක් විසින් මෙලෙස පාලු ස්ථානයක අතහැර දමා ගොස් ඇත් බවයි.

 

සී සී ටිවි දර්ශන පරික්ෂා කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර මෙම සැකකාර යුවල වයස අවුරුදු 51 හා 58 වියෙහි පසුවන්නන් වනවා.

 

ඔස්ටේ්‍රලියානු සත්ව නීතිය යටතේ සතෙකු අතහැර දැමීම සත්ව සුභසාධන පනත යටතේ වරදක් වන අතර එම වරදට වරදකරු වන ඕනෑම අයෙකුට ඩොලර් 20000 ක හෝ වසර දෙකක සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති.

 

එම සතුන් මේ වන විට සත්ව සුභසාධන සංගමයක් වෙත භාරදී ඇති අතර සැකකාර යුවල මේ වන විට ඇප මත නිදහස් කර ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත් මෙලෙස සතුන් මහමග දමා යන්නන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් අවදාරනය කර තිබෙනවා.

 

සැකකරුවන් ලබන මාසයේදී පෝට් ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »