මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

 

සමීක්ෂණ වාර්තා අනුව තරුණ ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සහ වැඩිහිටි පරම්පරාවෙන් ඈත්ව හුදෙකලා සිටින බවයි වාර්තා වන්නේ.

 

ඒ අනුව වයස්ගත හුදෙකලාභාවයේ යම් අඩුවක් පෙන්වන අතර තරුණ හුදෙකලා භාවට සමාජ ගැටලුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

 

විශේෂයෙන් ගෘහාශ්‍රිත පිරිවැය ඉහළ යෑම සහ ආර්ථික අපහසුතා ද  තරුණ හුදෙකලාභාවයට බලපෑම් කරන බව හඳුනාගෙන තිබෙනවා.

 

වයස අවුරුදු 15 සිට 24 දක්වා වූ ඔස්ට්‍රේලියානුවන් මෙලෙස හුදෙකලා භාවය අත්දකින පිරිස අතර ඉහලින් සිටින බව සඳහන්. 

 

තරුණ ඔස්ට්‍රේලියානුවන් 17000කට වඩා වැඩි පිරිසක් උපයෝගි කර ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර තරුණ හුදෙකලාභාව ක්‍රමයෙන් ඉහළ අගයක් ගන්නා බවයි එමගින් තහවුරු වී ඇත්තේ.

 

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය බ්‍රොක් බැස්ටියන් පවසන්නේ සමාජ මාධ්‍යවල බලපෑම ද තරුණ හුදෙකලා භාවය සඳහා වඩාත් බලපෑම් සහගත තත්වයක් වන බවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »