NSW හි වයස 18ට අඩු ළමුන්ට පිහි විකිණිම තහනම් වෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රන්තයේ පිහි විකිණීමට අදාළ වයස් සීමාව නිර්ණය කිරීමේ නව නීතියක් සම්පාදවය කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

 

පසුගිය කාල සීමාව තුළ ඔස්ටේ්‍රලියාවේ විවිධ ප්‍රදේශ වලින් පිහි ඇණුම් ප්‍රහාර රැල්ලක් නිර්මාණය වීම හමුවේ මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණා.

 

පොදු ප්‍රවාහන සේවා සාප්පු සංකීර්ණ සහ සමාජ ශාලා වැනි ස්ථාන වලට කිසිදු අයුරකින් තියුණු ආයුධ රැගෙන ඒම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

 

එම කලාප තුළ එවැනි ආයුධ ලග තබා ගන්නන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බව නව නීතියට ඇතුළත්.

 

මෙම ව්‍යවස්ථාව මඟින් වයස අවුරුදු 18ට අඩු ඕනෑම කෙනෙකුට පිහි විකිණීම නීති විරෝධී වන අතර රැකියාවට හෝ අධ්‍යාපනයට වූ අවශ්‍යතාව මත මෙම නීති ලිහිල් වනු ඇති.

 

ජනාකීර්ණ ප්‍රදේශවල මහජනතාවට ආරක්ෂිත බවක් සහතික කරමින් සංස්කෘතික වෙනසක් ඇති කිරීම මෙහි අරමුණ බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »