
හෙට රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ තවදුරටත් නිරෝධායන රෙගුලාසි ලිහිල් කර තිබේ.
මේ අනුව මේ දක්වා මෙල්බර්න් නාගරික කලාපය සහ Regional කලාපය අතර වෙනස් අයුරින් ක්‍රියාත්මක වූ සීමා එකම ආකාරයකට පත්වේ.
ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ පැවසුවේ සති 02 ක් පුරා මෙම සංශෝධිත නීති ක්‍රියාත්මක වන බවයි.

මේ අනුව හෙට (24) රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ
- නිවාස වෙත ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ දැමේ
- පොදු හමුවීම් සඳහා උපරිම පුද්ගලයන් 50 කට සහභාගී විය හැකිය.
- මෙල්බර්න් නුවර තැබෑරුම් සහ අවන්හල් සඳහා උපරිම පුද්ගලයන් 300 දෙනෙකුට එකවර පහසුකම් සැළසිය හැකිය.
- විවාහ / අවමංගල්‍ය උත්සව සඳහා උපරිම 300 දෙනෙකුට සහභාගී විය හැකියි.
- විනෝදාත්මක ඉසව් සඳහා ගෘහස්ථ නම් උපරිම 300 ක්ද බාහිර නම් උපරිම 1000 ක්ද ලෙස නරඹන්නන් තබා ගත හැකියි.
- නිවාස හැර සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්යයි.
- ක්‍රීඩා කටයුතු – ගෘහස්ථ නම් උපරිම 1000 ක්ද විවෘත ක්‍රීඩාංගණ නම් උපරිම 25,000 ක්ද සහභාගී විය හැකියි.