NSW රතු කලාප සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම තහනම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් රතු කලාප (Red Zones) සිට පැමිණෙන පුද්ගලයන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රිය වනවිට Bondi කොවිඩ් පොකුර 21 ක් දක්වා ඉහළ ගොස් තිබීම සැළකිල්ලට ගෙනයි වික්ටෝරියා බළධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව අද අලුයම 01 සිට NSW පහත ප්‍රදේශවල සිට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ.

City of Sydney

Waverley

Woollahra

Bayside

Canada Bay

Inner West

Randwick

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට අවසරපත්‍රයක් ලබාගෙන ප්‍රාන්තය වෙත ඇතුලුවිය හැකි වනවා.

ඔවුන් දින 14 ක් නිවසේදීම නිරෝධායනය විය යුතුයි.

කිසියම් අයුරකින් මෙම නියමයන් කඩකරන්නෙකු වෙතොත් දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇති.