කොවිඩ් රෙගුලාසි කඩ කල වික්ටෝරියා හි වෙළඳසැල් 07 ක් වසා දැමීමට නියෝග – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් රෙගුලාසි කඩ කල වික්ටෝරියා හි වෙළඳසැල් 07 ක් වසා දැමීමට නියෝග

කොවිඩ් රෙගුලාසි කඩ කල වික්ටෝරියා හි වෙළඳසැල් 07 ක් වසා දැමීමට නියෝග

කොවිඩ් රෙගුලාසි කඩ කල වික්ටෝරියා හි වෙළඳසැල් 07 ක් වසා දැමීමට බළධාරීන් නියෝග කර තිබේ.

සිල්ලර අලෙවි සැල් / අවන්හල් / සෞඛ්‍ය සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන මීට අයත්.

St Albans හි සිල්ලර වෙළඳසැලක් වසා දමා ඇත්තේ Lockdown සමයේ නීති විරෝධි අන්දමින් විවෘත කර පවත්වාගෙන යාම හේතුවෙනුයි.

නියමිත පාරිභෝගික සීමාව ඉක්මවා තබා ගැනීම / QR සංකේත ක්‍රමය පවත්වා නොගැනීම සහ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම වැනි චෝදනාද මෙම ස්ථානවලට එරෙහිව පවතිනවා.

මින් එක් ආයතනයකට ඩොලර් 1652 ක දඩයක්ද පණවා තිබිණ.

පසුගිය මාස 03 ක කාලය තුළ මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබූ මුලු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 22,000 කි.