Day: June 20, 2021

කොවිඩ් රෙගුලාසි කඩ කල වික්ටෝරියා හි වෙළඳසැල් 07 ක් වසා දැමීමට නියෝග

කොවිඩ් රෙගුලාසි කඩ කල වික්ටෝරියා හි වෙළඳසැල් 07 ක් වසා දැමීමට බළධාරීන් නියෝග කර තිබේ. සිල්ලර අලෙවි සැල් / අවන්හල් / සෞඛ්‍ය සහ රූපලාවන්‍ය මධ්‍යස්ථාන මීට අයත්. St Albans හි සිල්ලර වෙළඳසැලක් වසා දමා ඇත්තේ Lockdown සමයේ නීති විරෝධි අන්දමින් විවෘත කර පවත්වාගෙන යාම හේතුවෙනුයි. නියමිත පාරිභෝගික සීමාව ඉක්මවා තබා ගැනීම / QR සංකේත ක්‍රමය පවත්වා නොගැනීම සහ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම වැනි චෝදනාද මෙම ස්ථානවලට එරෙහිව පවතිනවා. මින් එක් ආයතනයකට ඩොලර් 1652 ක දඩයක්ද

Read More »

ඔස්ටේ්‍රලියා කොවිඩ් එන්නතේ අත්හදා බැලීම් වික්ටෝරියා ප්‍රාන්තයේදී

කොවිඩ් මර්දනයට ඔස්ටේ්‍රලියාව තුල නිෂ්පාදනය කරන එන්නතේ මූලික අත්හදා බැලීම් මාස කිහිපයක් තුළ ආරම්භ කරන බව වික්ටෝරියා වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ අද පැවසීය. මේ සඳහා ප්‍රාන්ත රජය වැය කරන මුදල ඩොලර් මිලියන 05 කි. කොවිඩ් මර්දනයට දැනට වෙන්කර ඇති ඩොලර් මිලියන 50 ක අරමුදලින් එම මුදල ලබාගන්නා බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය. මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම එන්නත අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතයි. කොවිඩ් වෛරසය තවත් කාලයක් පුරා පවතිනු ඇතැයි අනුමාන කර මෙම එන්නත

Read More »

ද්‍රවිඩ පවුලේ බාලම දැරිය Tharnicaa පර්ත් රෝහලෙන් පිටත්ව යයි

පසුගිය සති කිහිපය පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කල ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වන 04 හැවිරිදි Tharnicaa Murugappan පර්ත් නුවර රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබේ. ඇය සති 02 කට ආසන්න කාලයක් එහි ප්‍රතිකාර ලැබුවේ නියුමෝනියාව සහ රුධිර අසාත්මිකතාවයක් හේතුවෙනුයි. වෛද්‍යවරුන් මීට පෙර සඳහන් කර තිබුණේ Tharnicaa ට සති 08 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇති බවටයි. මේ අනුව මෙම ද්‍රවිඩ ජාතික පවුලේ සාමාජිකයන් 04 දෙනාම පර්ත් නුවර සමාජීය

Read More »

ප්‍රාන්ත කිහිපයකින් ආසාධිතයන් හමුවීමත් සමග එක් එක් ප්‍රාන්තවල නවතම සංචරණ සීමා සියල්ල මෙතැනින්

කොවිඩ් පොකුර 09 ක් දක්වා වැඩිවීමත් සමග සිඩ්නි සිට පැමිණෙන පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබේ. එමෙන්ම Waverley ප්‍රදේශයේ පසුගිය දින 14 තුළ සිටි කිසිදු අයෙකුට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදෙන බවද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර සිටී. එලෙස දැනටමත් පැමිණ සිටින අය වෙතොත් වහා නිරෝධායනය විය යුතුයි. දැනට එක් එක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක සංචරණ සීමා මෙසේයි : TRAVELLING TO: RESTRICTED ENTRY ENTRY PERMITTED Victoria GREATER SYDNEY: Orange zone –

Read More »