ඔස්ටේ්‍රලියා කොවිඩ් එන්නතේ අත්හදා බැලීම් වික්ටෝරියා ප්‍රාන්තයේදී

කොවිඩ් මර්දනයට ඔස්ටේ්‍රලියාව තුල නිෂ්පාදනය කරන එන්නතේ මූලික අත්හදා බැලීම් මාස කිහිපයක් තුළ ආරම්භ කරන බව වික්ටෝරියා වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ අද පැවසීය.

මේ සඳහා ප්‍රාන්ත රජය වැය කරන මුදල ඩොලර් මිලියන 05 කි.

කොවිඩ් මර්දනයට දැනට වෙන්කර ඇති ඩොලර් මිලියන 50 ක අරමුදලින් එම මුදල ලබාගන්නා බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම එන්නත අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතයි.

කොවිඩ් වෛරසය තවත් කාලයක් පුරා පවතිනු ඇතැයි අනුමාන කර මෙම එන්නත නිපදවන බවද ජේම්ස් මර්ලීනෝ කියා සිටියේය.

මෙම වසර තුළදී සායනික අත්හදා බැලීම් ආරම්භ කලහොත් ලබන වසර මුල වනවිට එහි ප්‍රථිඵල ලැබෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකලේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »