ඕස්ට්‍රේලියා ජනගහන වර්ධන වේගය කැපී පෙනෙන ලෙස පහළට – වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි බලපෑමක්

POPULATION

කොරෝනා වසංගතයත් සමග සංක්‍රමණිකයින් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව හැර ගොස් ඇති අතර මෙම සංක්‍රමණ හිඟය හේතුවෙන් ඕස්ටේලියාව තුල ජනගහන වර්ධනය දැඩි ලෙස පහත වැටී ඇත.

ඕස්ට්‍රේලියානු සංක්‍යාලේඛන කාර්යාංශය සඳහන් කොට සිටින්නේ පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව තුල ජනගහන වර්ධනයේ 0.5% ක වේගයක් දක්නට ලැබුණු බවයි.

කෙසේ නමුත් කොරෝනා වසංගත තත්වයත් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 74,000ක් පමණ අහිමි වී ඇති අතර මෙමගින් වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහන වර්ධනයට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි හෙළිව තිබේ.

වාර්තාවන්ට අනුව 2020 දෙසැම්බර් 31න් අවසන් වූ වසර තුලදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 243,500ක් පැමිණ ඇති අතර එම වසර තුලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගොස් ඇති සංක්‍රමණික සංක්‍යාව 240,200ක් ලෙස වාර්තා වේ.

Pic- Farm Online

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »