Search

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ටෙල්ස්ට්‍රා සමාගමේ හිටපු සේවකයෙකු වන 56 හැවිරිදි ජෙරාඩ් සිසිල් වාමදේවන් නම් මෙම පුද්ගලයා කාන්තාවන් 19 දෙනෙකුට අශිෂ්ට ඇමතුම් සිය ගණනක් ලබා දීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය ගායිකාවන් දෙදෙනෙකු සමග ලබා ගත් සෙල්ෆි ඡායාරූප භාවිත කරමින් සැකකරු රූපවාහිනී විධායක නිලධාරියෙක් ලෙස පෙනී සිට ඇතැයි සඳහන්.

වංචා කිරීම සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කිරීම සහ කාන්තාවන්ට හිරිහැර වන ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබාදීම ඇතුලු චෝදනා කිහිපයකට සැකකාර ශ්‍රී ලාංකිකයා වරද පිළි ගෙන තිබෙනවා.

2018 වසරේ ජනවාරි පළමු වනදා සිට 2022 ජනවාරි 22 දක්වා කාලය තුළ විවිධ කාන්තාවන් 19 දෙනෙකුට සැකකරු මෙලෙස දුරකථන ඇමතුම් ලබාදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම ශ්‍රී ලාංකිකයාගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූපවලින් පිරී ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ අශෝභන හැසිරීම් සම්බන්ධයෙන් දැනුමක් හෝ සම්බන්ධයක් නොමැති බවයි.

සැකකරු පශ්චාත් කම්පන ආතති තත්වයකින් පෙළුණු ආකාරය සහ සිවිල් යුද්ධය හේතුවෙන් වයස අවුරුදු 13 දී පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පලා ගිය ආකාරය ද අධිකරණය හමුවේ ප්‍රකාශ වී තිබුණා.

පසුව ඔහු Wollongong විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව සහ කලාව පිළිබඳ ද්විත්ව උපාධියක් සම්පූර්ණ කළ අතර UNICEF හි සංවර්ධන ප්‍රධානියා වීමට පෙර Telstra හි වසර 15ක් සේවය කර තිබෙනවා.

ඔහු 2023 ජුනි මාසයේ සිට වාණිජ සමාගමක් වන Australian Rain Technologies හි සේවය කරමින් සිටි බව සඳහන්.

වාමදේවන්ට 18 හැවිරිදි දියණියක් ද සිටින අතර බිරිඳ සඳහන් කළේ විවාහ වූ මුල් දිනවල සිටම තම සැමියාගේ බීමත්කම ගැන දැන සිටි බවයි.

ඔහුට වසර දෙකක සිරදඬුවමක් නියම වූ නමුත් යහපත් හැසිරීමක් පැවතුණ හොත් වසරකුත් මාස තුනකට පසුව නිදහස් වනු ඇති.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »