මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය මාසයේ මෙල්බර්න් හි පැවති පරීක්ෂණ ධාවනයකදී ඉතා වටිනා උසස් මාදිලියේ යතුරුපැදියක් මෙලෙස සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් 22 වන සඳුදා පෙරවරු 11 ට පමණ එසෙන්ඩන් ෆීල්ඩ්ස්හි වයිරාවේ ඩ්‍රයිව් ප්‍රදර්ශනාගාරයකට නාඳුනන පුද්ගලයෙකු පැමිණ තිබුණේ යතුරුපැදි පරික්ෂා කිරීම සඳහායි.

ඔහු පරීක්ෂණ ධාවනය සඳහා තද කොළ පැහැති ඩුකාටි ස්ට්‍රීට් ෆයිටර් (Ducati Streetfighter V2) යතුරුපැදියක් රැගෙන ගොස් ඇති අතර ආපසු පැමිණ එය භාරදී නොමැති බව සඳහන්.

සැකකරු ප්‍රදර්ශනාගාරයට භාරදී ඇත්තේ ද ව්‍යාජ බලපත්‍රයක් බවයි පැවසෙන්නේ.

බයිසිකලයේ DMW 12 නමින් ලියාපදිංචි අංකයක් සවිකර තිබී ඇති අතර එහි වටිනාකම ඩොලර් 25,000ක් පමණ වනවා.

පොලිසිය විසින් මෙම සැකකරුගේ ඡායාරුපයක් ද නිකුත් කර ඇති අතර ඔහු මැද පෙරදිග රටක අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම සොරකම පිළිබඳ කිසියම් තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට 1800 333 000 හෝ අන්තර්ජාලය ඔස්සේ අපරාධ අංශ වෙත තොරතුරු දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »