ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක් බවයි වාර්තා වන්නේ.

නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති අතර පුද්ගලයින් 1,140දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව සඳහන්.

ඊයේ සවස 6න් අවසන් වූ පැය 24ක කාලයක් තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එය මිමි 141ක් වනවා.

වැසි හමුවේ දිස්ත්‍රික්ක ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වූයේ.

මේ අතර අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම්ද ඉහළ යමින් පවතින අතර රාජාංගනය, අංගමුව, තබ්බෝව වැනි ජලාශවල ද වාන් දොරටු ද විවෘත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කැලණි, කළු, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 09 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »