“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තවත් තිස් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුනඛයෙකු ද මරණයට පත්වී ඇති අතර තුවාල ලැබූ 28 දෙනා අතර කුඩා ළමයින් මෙන්ම ගර්භනී කාන්තාවක් සිටින බව ඔඩෙසා ප්‍රාදේශීය ආණ්ඩුකාර ඔලේ කිපර් තහවුරු කළා.

හැරී පොටර් කාසල් යනු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රී සර්හි කිවලාව්ගේ නිවස බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන ඔඩේසා නීති ඇකඩමිය ද එහි පිහිටා ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට තම ශෝකය පළ කරන බවයි.

රුසියාවේ මිසයිල ප්‍රහාර මෙන්ම යුක්‍රේනය විනාශ කිරීමට දරන සියලු ප්‍රයත්න නතර කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »