මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

විශේෂයෙන් 2010 සහ 2024 වර්ෂවල උපන් බිළිඳුන් සඳහාමෙම නම් භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේටර් මදර්ස් හොස්පිටල්හි (Mater Mother’s Hospital) හි නව වාර්ෂික ළදරු නම් ලැයිස්තුවට අනුව ඩේසි, ජැස්මින් ,ජුනිපර් යන ශාඛ විශේෂයන්ගේ නම් ද, හේසල්, නේවි, වයලට්, ඔලිව් යන වර්ණයන් සහ රූබි, ඇමතිස්ට්, රස්ටි, ස්ටර්ලින් ලෙස හැඳින්වෙන මැණික් විශේෂයන්ගේ නම් ඇතුලත් වනවා.

මේ අතර මතක තබා ගත හැකි නම් අතරට හාමනි, කාඕස් සහ ලෙක්සන් යන නම් වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය වසරේ දීර්ඝතම ළදරු නමට බ්‍රිස්බේන් රෝහලේදි උපන් බිළිදෙක් හිමිකම් කියන අතර එම නම සඳහන්ව ඇත්තේ Tinomuvongashe ලෙසයි

කුඩා ළමුන්ගේ නම් 2000ක් පමණ අධ්‍යයනය කරමින් සිදු කළ අධ්‍යයනයේදි හෙළිව ඇත්තේ ගැහැණු ළමුන් සඳහා වඩාත් ජනප්‍රිව නම් අතර මැටිල්ඩා, එලා, ලිලී, මිආ සහ ඔලිවියා යන නම් වන බවයි.

මීට අමතරව පිරිමි ළමුන් සඳහා ඔලිවර්, තිආඩෝ, විලියම් වැනි නම් වඩාත් ජනප්‍රිය බව සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »