ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

මෙම තත්වය පිළිබඳව Australian Securities & Investments Commission හෙවත් ASIC ආයතනය නවතම සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් 2022-2023 වසර වල නිවාස ණය ලබාගත් නිවාස හිමියන් ගැන මෙලෙස තොරතුරු එකතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නිවාස ණය නිකුත්කරන ආයතන 20කගේ දත්ත එක්කර ඇති බව සදහන්.

ණය ගෙවා ගැනීමට නොහැකිව සහන ඉල්ලා බැංකු වෙත දෙලක්ෂ හතලිස් පන්දහසකට වඩා ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇතැම් ණය දෙන වාණිජ බැංකු විසින් පාරිභෝගිකයින්ගේ ඉල්ලීම් පිළිබද සැළකිල්ලක් නොදක්වන බව ASIC ආයතනය පවසනවා.

විරැකියාව, අඩු වැටුප් හේතුවෙන් ජනතාව නිවාස ණය පියවා ගැනීමට නොගැකිව පිඩා විදින අතර මෙවර අයවැයෙන් ද ණය හිමියන් සදහා අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබී ඇති බව සදහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »