පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

ඒ අතුරින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ වන විට වරෙන්තුවක් නොමැතිව යම් යම් පොදු ස්ථානවල පිහි හා ලෝහමය තියුණු ආයුධ රැගෙන යන්නන් පරීක්ෂා කිරීමට නීතිමය අවසරය හිමිකරගෙන ඇති බව සඳහන්.

ලෝහමය ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ස්කෑන් උපකරණ භාවිතා කිරීමේ නීතිමය අවසරය ද ප්‍රාන්ත පොලිසිය වෙත හිමිවීම විශේෂත්වයක්.

දෙපැත්තම කැපෙන සේ නිමවා ඇති පිහි, කඩු වැනි තියුණු ආයුධ ළඟ තබා ගැනීම වසර 14ක් දක්වා සිරගත විය හැකි වරදක් බවට පත්විය හැකියි.

පසුගිය කාලය තුල දක්නට ලැබුණු බිහිසුණු පිහි ඇනුම් තවදුරටත් සමාජය තුල ඇතිවීම වැලක්වීමට මේ ආකාරයේ නව නීති සම්පාදනකළ බවයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මිනස් සඳහන් කළේ.

සීමා පනවා ඇති පිහි මිලදී ගැනීම සහ භාවිතයට අවසර ඇති අතර පොදු ස්ථානවලට ද රැගෙන යාම තහනම් කිරීමටයි ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත්තේ.

තරුණ පරපුර අතර පිහි සහ තියුණු ආයුධ භාවිතය අවම කිරීම සහ පිහි ඇනුම් ආශ්‍රිතව සිදුවන අපරාධ අවම කිරීම නව නීති ගෙන ඒමේ අරමුණ බව ද වැඩිදුරටත් සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »