ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ නිශ්චිත දිනයන් මෙතෙක් දක්වා නොමැති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය ඉලෝන් මස්ක්ගේ නියෝජිත කණ්ඩායම සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇති බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියාවේ බාලිහිදී ඉලෝන් මස්ක් හමුවූ අතර පුනර්ජනනීය බලශක්තිය, කෘතිම බුද්ධිය (AI) සහ ලෝක දේශපාලනය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එම අන්තර්ජාල සේවාවට අදාළ මූලික ක්‍රියාවලිය කඩිනම් කරන ආකාරය මත මෙම සංචාරය පදනම් වන අතර එය සිදු වූ විගස ඉලෝන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීම සඳහා ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධානියා වන ප්‍රකෝටිපති ඉලොන් මස්ක් ඉන්දුනීසියාවේ බාලි වෙත පැමිණ සිටියා.

ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම සඳහා ඔහු අයදුම්පතක් එවා තිබූ අතර, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි වාර්තා වන්නේ.

මෙවැනි අන්තර්ජාල සේවාවක් තුළින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කිරීමට ඉවහල් වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »