ප්‍රබල වරදකට සිරගත වන ඔස්ට්‍රේලියානුවන්ගේ අඩුවක්

ඔස්ට්‍රේලියානු සිරකරුවන්ගේ සංඛ්‍යාව සියයට 3කින් ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

සංඛ්‍යාලේඛන කාර්යංශයේ නවතම වාර්තා අනුව පෙනී ගොස් ඇත්තේ පසුගිය ජූනි 30 වනදා තෙක් ගතවු මාස 12ක කාල සීමාව තුල සිරකරුවන්ගේ සංඛ්‍යාව 41,929 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව සමස්ත ඔස්ට්‍රේලියා ජනගහණයෙන් ලක්ෂයකට සිරකරුවන් 201ත් 202ත් අතර ප්‍රමාණයක් සිටින බව සඳහන්.

කැපී පෙනෙන ලෙස කාන්තා සිරකරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව සියයට 7කින් ඉහළ ගොස් ඇති අරත එම අගය සටහන්ව ඇත්තේ 15937ක් ලෙසයි. දඬුවම් නියම වූ සිරකරුවන් සංඛ්‍යාව 25888 දක්වා ඉහළ ගොස් තිබුණා.

පහර දීම වැනි අපරාධ වර්ග සඳහා චෝදනා ලැබූ සිරකරුවන්ගේ සංඛ්‍යාව සියයට 7 කින් ඉහළ ගොස් ඇති අතර ලිංගික අතවර සම්බන්ධ වැරදි හේතුවෙන් සිරගතවූ සංඛ්‍යාව සියයට 6 කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙත් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැරදි වැනි වැරදි සම්බන්ධයෙන් සිරගත වූ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »