Search

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

ප්‍රොප් ට්‍රැක් හි නව දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගැනීමට බලාපොරොත්තු වන විදේශිකයන් සඳහා හොඳම ස්ථානය සිඩ්නි බවයි සඳහන් වන්නේ.

මෙම වසර ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවට යාමට විදේශිකයන් දක්වන උනන්දුවෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණ ද කුලී නිවාස සෙවීම ගතවූ වසර පහක සාමාන්‍යයට වඩා වැඩි බව දත්ත පෙන්වා දෙනවා.

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා නගර අතුරින් විදේශීය දේපල ගැනුම්කරුවන් වඩාත්ම සෙවූ ස්ථානය ලෙස ක්වීන්ස්ලන්ඩ් හි ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශය පත්ව තිබෙනවා.

එය කුලී නිවැසියන් අතර වඩාත් ජනප්‍රිය වූ අතර, පසුගිය වසරේ විදේශීය ගැනුම්කරුවන් අතර සිඩ්නි සැලකුණේ තුන්වන ජනප්‍රියම නගරය ලෙසටයි.

වික්ටෝරියා ප්‍රාන්තය විදේශීය ගැනුම්කරුවන් සහ කුලී නිවැසියන් සඳහා දෙවන වඩාත් ජනප්‍රිය ප්‍රාන්තය බවට මෙවර පත්ව තිබෙනවා.

වසර පහක සිට පවතින මෙම ප්‍රවණතාවයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දේපළ විදේශයන්හි සිට මිලදී ගැනීමට ගැනුම්කරුවන් සියයට 20ක් වැඩි ප්‍රමාණයක් බලා සිටින බවයි නවතම දත්ත මගින් සොයාගෙන ඇත්තේ.

එම කාලය තුළ සියයට 32කට වැඩි පිරිසක් විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවේ දේපළ කුලියට ගැනීමට සොයමින් සිටින බව සඳහන්.

කෙසේවෙතත් අප්‍රේල් මාසයේදී, සියලුම ප්‍රධාන විදේශීය රටවල් මිලදී ගැනීමට දේපළ සෙවීමේ මන්දගාමී වීමක් වාර්තා කර තිබෙනවා.

ජාත්‍යන්තර සිසුන්ට ලබා දී ඇති වීසා සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට නව පැමිණීම් සංඛ්‍යාව සීමා වී තිබීම ඊට හේතුවයි.

මෙම වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර සිසුන් 44,580ක් මෙරටට පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සිසුන් 9,060ක අඩුවීමක් බවයි ප්‍රොප් ට්‍රැක් හි ජ්‍යෙෂ්ඨ දත්ත විශ්ලේෂක කැරන් ඩිලෝ පැවසුවේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »