සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එක් පුද්ගලයෙකුට පිහියෙන් ඇන තවත් පිරිසක් ලුහුබැඳ ගිය බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අවට සිටි පිරිස විසින් මෙම පුද්ගලයා අල්ලා රඳවා තබාගෙන පොලිසියට භාරදී ඇති අතර සැකකරු මවුන්ට් ඩ්‍රූට් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සඳුදා සවස 5:45ට පමණ හෙබර්ෂාම් හි හෙබර් උද්‍යානයට පොලිස් නිලධාරීන් කැඳවා ඇත්තේ පුද්ගලයෙකු පිහියක් අතැතිව තර්ජනාත්මකව හැසිරීම හේතුවෙන්.

24 හැවිරිදි තරුණ සැකකරු 20 හැවිරිදි තරුණයෙකුගේ ගෙළට පහරදී පිහි රැගෙන උද්‍යානයේ සිටි කිහිප දෙනෙකු ලුහුබැඳ ගිය බව සඳහන්.

එම අවස්ථාවේ කුඩා ළමයින් ද උද්‍යානයේ සෙල්ලම් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

පිහි පහරට ලක්වූ පුද්ගලයාගේ හිසට සහ බෙල්ලට තුවාල සිදුවී ඇති අතර ඔහු ස්ථාවර තත්ත්වයෙන් නේපීන් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක පෝල් ටික්නර් පැවසුවේ මෙම පුද්ගලයාගේ මානසික ආබාධයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදු කරන්නට ඇති බවටයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »