රසල්ඩ් ආනොල්ඩ්ට ඔස්ට්‍රේලියා ක්‍රිකට්හි තානාපති ධුරයක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ බහු සංස්කෘතික තානාපතිවරයෙක් ලෙස රසල් ආනොල්ඩ් නම් කර  තිබෙනවා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා විසින් ආරම්භ කරනු ලැබූ බහු සංස්කෘතික තානාපතිවරුන් බඳවා ගැනීමේ වැඩසටහනක් යටතේ යි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

එම වැඩසටහන සඳහා රජයේ ව්‍යාපාර, ක්‍රීඩා මාධ්‍ය සහ ප්‍රජාව තුළ විවිධ පසුබිම් සහ අත්දැකීම් ඇති පුද්ගලයින් 54 දෙනෙකු ආරම්භක නියෝජිතයන් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ඔස්ට්‍රේලියා සිය බහු සංස්කෘතික තානාපති වැඩසටහන යටතේ රාජ්‍ය, ව්‍යාපාර, ක්‍රීඩා, මාධ්‍ය සහ ප්‍රජාව තුළ විවිධ පසුබිම් සහ අත්දැකීම් ඇති පුද්ගලයින් 54 දෙනෙකු ආරම්භක නියෝජිතයන් ලෙස නම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බහු සංස්කෘතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හඳුන්වා ඇති අතර වසීම් අක්‍රම්, රවී ශාස්ත්‍රි සහ රසල් ආර්නෝල්ඩ් මේ අතර වීම විශේෂත්වයක්.

මෙම තානාපති වැඩසටහන මගින් ක්‍රීඩාව සහ ප්‍රජාව තුළ මෙන්ම ක්‍රීඩකයින් තුළ ද ධනාත්මක වෙනස්කම් ඇති කිරීම මෙහි අරමුණයි.

තානාපතිවරුන්ගේ ලැයිස්තුවට බොහෝ අතීත සහ වත්මන් ක්‍රීඩකයින් සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙක් ඇතුළත් වන අතර ක්‍රීකට් ක්‍රීඩාවේ ජයග්‍රහන වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණක් ලෙස සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »