ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.
රුවන්ග් ගිනි කන්ද මේ මාසයේ විදාරණය වූ දෙවන අවස්ථාව මෙයයි.
පිපිරීමත් සමඟ ඇති විය හැකි සුනාමි තත්ත්වයක් පිළිබඳව බලධාරීන් අවධානයෙන් පසුවන අතර සහන කණ්ඩායම් පුද්ගලයින් 12,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ගුවන් තොටුපළක් වසා දැමීමට ද පියවර ගෙන ඇතැයි සඳහන්.
ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද අද නැවතත් ලාවා පිට කිරීම ආරම්භ කර ඇත්තේ එය ප්‍රථම වරට පුපුරා ගොස් සති දෙකකටත් අඩු කාලයකට පසුවයි.
ගිනිකන්දෙන් පිටවන ද්‍රව්‍ය සාගරයට කඩා වැටීමෙන් සුනාමියක් ඇති විය හැකි බවට ගිනිකඳු හා භූ විද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානය අවට දූපත් වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.
එහි ප්‍රකාශක අබ්දුල් මුහාරි පැවසුවේ ගිනි කන්දේ ආවාටය අසල සිටි 12,000ක් පමණ වෙනත් ස්ථාන වෙත යැවීම සඳහා ගලවා ගැනීමේ නෞකාවක් සහ යුද නෞකාවක් යවා ඇති බවයි.