බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද උදෑසන 9.20ට පමණ ලැබුණු තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගිලන් රථ වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් මෙම තරුණිය මියගොස් සිටි බව සඳහන්.

මියගිය තරුණියගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් හඳුනාගෙන නොමැති නමුත් ඇයගේ වයස අවුරුදු 19ක් බවට විශ්වාස කෙරෙනවා.

32 හැවිරිදි පුද්ගලයෙකු මෙම නිවසේ සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් ඔහුට කිසිදු චෝදනාවක් එල්ලවී නැහැ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම යුවළ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය අතර පසුගිය වසරේ සිට එම නිවසේ එකට ජීවත් වූ බවයි.

කාන්තාවගේ මරණයට හේතුව තීරණය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »