සිඩ්නි කොවිඩ් පොකුර 04 දක්වා ඉහළට – අද සවස 04 සිට Face-mask අනිවාර්යයි

සිඩ්නි නගරයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග Greater Sydney කලාපයේ පොදු ප්‍රවාහනයේදි මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

අද (18) පස්වරු 04 සිට ඉදිරි දින 05 සඳහා එය බලාත්මක වන බවයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ.

ගෘහස්ථ කටයුතුවලදීද මුහුණු ආවරණ භාවිතය වඩාත් සුදුසු බවට ප්‍රකාශ කර ඇති නමුත් එය අනිවාර්ය වන්නේ නැහැ.

ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රවාහන රියදුරෙකු – ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාධිතයන් ලෙස පෙරේදා දිනයේදී තහවුරු විය.

ඔවුන් ගිය අවන්හලකට පැමිණ තිබූ 70 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවකද ඊයේ ආසාධිතයෙකු ලෙස වාර්තා විය.

Bondi Junction හි MYER වෙළඳ මධ්‍යස්ථානයට ගිය පුද්ගලයෙකුද මේ වනවිට වෛරස ආසාධිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රවාහන රියදුරාට වැළඳී ඇත්තේ මේ වනවිට හමුවී ඇති දරුණුම වෛරස් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය බවයි NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත්තේ.

Greater Sydney කලාපයට අයත් ප්‍රදේශ වන්නේ

  • Bayside
  • Blacktown City
  • Burwood
  • Camden
  • Campbelltown City
  • Canada Bay City
  • Canterbury-Bankstown
  • Cumberland
  • Fairfield City
  • Georges River
  • Hawkesbury City
  • Hornsby Shire
  • Hunter’s Hill Municipality
  • Inner West
  • Ku-ring-gai
  • Lane Cove Municipality
  • Liverpool City
  • Mosman Municipality
  • North Sydney
  • Northern Beaches
  • Parramatta City
  • Penrith City
  • Randwick City
  • Ryde City
  • Strathfield Municipality
  • Sutherland Shire
  • Sydney City
  • The Hills Shire
  • Waverley
  • Willoughby City
  • Wollondilly Shire
  • Woollahra City

 

Pic – 7News

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »