“නීතිමය ගැටලුවලින් පැරදුණහොත් ලාංකික පවුල අනිවාර්යෙන්ම ලංකාවට පිටුවහල් කරනවා”

ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලට අදාළ නීතිමය ගැටලුවලින් ඔවුන් පරාජයට පත්වුවහොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට පිටුවහල් කර යවන බව සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පවසයි.

ව්‍යාජ ලෙස දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන්ට ඔස්ටේ්‍රලියාව තුළ පදිංචියට ඉඩකඩ සැළසීම මිනිස් ජාවාරම්කරුවන්ට රුකුළක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම පවුල ක්‍රිස්මස් දූපතෙන් ඉවත් කර පර්ත් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීම කිසිදු අයුරකින් ඔවුන්ට ඔස්ටේ්‍රලියාව තුළ පදිංචිවීමට දුන් වීසා බලපත්‍රයක් නොවන බව ඇමතිවරයා අවධාරණය කර සිටී.

බෝට්ටු මගින් පැමිණෙන්නන් මෙරට පදිංචි කිරීම දීර්ඝ කාලයක සිට ඔස්ටේ්‍රලියාව ප්‍රතිපත්තිය නොවන බවද සංක්‍රමණ ඇමති Alex Hawke කියයි.

සංක්‍රමණ කරුණු පිළිබඳ දැඩි ප්‍රතිපත්ති නොගැනීම මිනිස් ජාවාරම්කරුවන්ට කරන උපකාරයක් බවද ඔහු පෙන්වා දෙනවා.

 

Pic – ABC News: Matt Roberts

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »