
“නීතිමය ගැටලුවලින් පැරදුණහොත් ලාංකික පවුල අනිවාර්යෙන්ම ලංකාවට පිටුවහල් කරනවා”
ආන්දෝලනයට තුඩුදී ඇති ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලට අදාළ නීතිමය ගැටලුවලින් ඔවුන් පරාජයට පත්වුවහොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට පිටුවහල් කර යවන බව සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පවසයි. ව්‍යාජ ලෙස දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන්ට ඔස්ටේ්‍රලියාව තුළ පදිංචියට ඉඩකඩ සැළසීම මිනිස් ජාවාරම්කරුවන්ට රුකුළක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම පවුල ක්‍රිස්මස් දූපතෙන් ඉවත් කර පර්ත් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීම කිසිදු අයුරකින් ඔවුන්ට ඔස්ටේ්‍රලියාව තුළ පදිංචිවීමට දුන් වීසා බලපත්‍රයක් නොවන බව ඇමතිවරයා අවධාරණය කර සිටී. බෝට්ටු මගින් පැමිණෙන්නන් මෙරට පදිංචි