දින 04 ක් තුළදී බිරිඳත් අලුත් උපන් බිළිඳියත් අහිමිවූ නවසීලන්තයේ ලාංකික පියාගේ අනුවේදනීය කථාව

දරු ප්‍රසූතියකින් අනතුරුව සිය බිරිඳවත් ඉන් දින හතරකට පසුව සිය දරුවාව අහිමි කරගත් නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකීක පියෙකු එම මරණ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

තම බිරිඳ වන නිලක්ෂානි සිල්වා හදිසි ගිලන් රථ සේවය හරහා රෝහල් ගත බව ඇයගේ සැමියා විසින් නවසීලන්තයේ පුවත් පතකට ප්‍රකාශ කර තිබ‍ුණේ.

කෙසේ වෙතත් ඇය සෙනසුරාදා උදෑසන මිය ගොස් ඇති බව සඳහන්.

අලුත උපන් දරුවා වන එලිනා ඇයගේ මව මිය ගොස් දින හතරකින් පසුව ජීවිතක්ෂයට පත් වුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින්, චරිත මීපේගම කියා සිටියේ, තම ජීවිතය මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවයි.

34 හැවිරිදි තම බිරිඳ හට පසුගිය සිකුරාදා (11) රාත්‍රීයේ හුස්ම ගැනීමට අපහසු වූ බවත්, එම නිසා ගිලන් රථ සේවය අමතා රෝහල් ගත කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසුවා.

ඊට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුම්දීමට උත්සහ කළ ද නිලධාරිනිය ඊට ප්‍රතිචාර නොදැක්වූ බවයි මීපේගම චෝදනා කරන්නේ.

සෞඛ්‍ය තත්වය වේගයෙන් පිරිහී ගිය හෙයින් පරිපූරක වෛද්‍යවරු ඇයව ගිලන් රථයකින් ඕක්ලන්ඩ් රෝහලට රැගෙන යාමට කටයුතු කළා.

“වෛද්‍යවරු මට කිව්වා නිෂි ලේ කැටියක් නිසා මිය ගියා කියලා. මට ඒක තේරෙන්නේ නෑ, නිෂි නිරෝගී සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්.. ගර්භණී සමයේදී කිසිදු ගැටළුවක් තිබුණේ නෑ… ගිලන් රථයේදී ඔවුන් කිව්වේ ඇයගේ හදවත නතර වුණ නිසා දරුවාව එතැනදීම ප්‍රසූත කරවීමට සිදු වුණා කියලා..”

කෙසේ වෙතත් මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

 

Pics – NZ Media

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »