Search

පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සුදුසුයි : WHO

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් පවසයි.

ඔන්ලයින් ක්‍රමයට පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.

ඊට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී අලහෙන්ද්‍රෝ ක්‍රැවියෝටෝ පැවසුවේ එන්නත් මිශ්‍ර කිරීම හා ගැලපීම ආරක්ෂිත බවය.

කෙසේවෙතත් දැනට ඔවුන් අනුමත කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබාගෙන, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීම පමණක් බවද විදෙස් වාර්තාවල දැක්වේ.

එම එන්නත් වර්ග දෙක ලබාගැනීමෙන් ඵලදායිතාව අතින් කිසිඳු ගැටලුවක් ඇති නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල සිදුකළ මූලික අධ්‍යයනවලින් පසු මේ අදහස් දක්වා තිබේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ ගෝලීය අවශ්‍යතාවට සරිලන අයුරින් එන්නත් නොලැබීම මේ වනවිට බරපතළ ගැටලුවක් බවට පත්වී තිබේ.

පවතින වාතාවරණය තුළ එන්නත් ගැලපීම හා මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »