Day: June 14, 2021

දැඩි කථාබහකට ලක්වී ඇති ද්‍රවිඩ පවුල හෙට රැඳවුම් කඳවුරෙන් නිදහස් ???

දැඩි කථාබහකට ලක්වී ඇති ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුල හෙට එනම් අගහරුවාදා දිනයේදී රැඳවුම් කඳවුරෙන් නිදහස් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා. සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් හෙට කැන්බරා හිදී එය නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ. කෙසේවෙතත් ඔවුන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලැබෙන්නේද නොඑසේනම් වෙනත් වීසා කාණ්ඩයක් යටතේ අයදුම් කිරීමට අවසර හිමිවන්නේද යන්න මෙතෙක් හෙළිවී නැහැ. දැනට මෙම පවුලේ බාලම දැරිය වන Tharnicaa පර්ත් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ මවද දැරිය සමග

Read More »

පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සුදුසුයි : WHO

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් පවසයි. ඔන්ලයින් ක්‍රමයට පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර ඇත. ඊට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී අලහෙන්ද්‍රෝ ක්‍රැවියෝටෝ පැවසුවේ එන්නත් මිශ්‍ර කිරීම හා ගැලපීම ආරක්ෂිත බවය. කෙසේවෙතත් දැනට ඔවුන් අනුමත කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබාගෙන, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීම පමණක් බවද විදෙස් වාර්තාවල දැක්වේ. එම එන්නත් වර්ග දෙක

Read More »

වික්ටෝරියා skilled visa : මෙවරත් වැඩිම කෝටාව සෞඛ්‍ය ක්ෂේත්‍රයට

වික්ටෝරියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා (skilled visa ) වැඩසටහනට අදාළව මෙවරත් වැඩිම වීසා බලපත් කෝටාවක් නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළවයි. කොරෝනා මර්දනයට ඉහළ දායකත්වයක් සපයන වෘත්තීන්/ රැකියා සඳහා එම ප්‍රමුඛතාව හිමිවී තිබේ. ඒ අනුව පහත රැකියා ක්ෂේත්‍ර වෙත ඉහළ ප්‍රමුඛතාවක් ලැබී ඇතැයි වික්ටෝරියා ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. Health Medical research Life sciences Agri-food Digital 2020/21 මුල්‍ය වර්ෂය සඳහා 190 කාණ්ඩයේ වීසා සහ 491 කාණ්ඩයේ වීසා සඳහා මෙතෙක් ලැබුණු ROI ප්‍රමාණය සහ ඉන් වික්ටෝරියානු

Read More »

Update: අතුරුදන්ව සිටි ඉමංසි සොයාගනී

පසුගිය සිකුරාදා දිනයේ සිට අතුරුදන්ව සිටි 16 හැවිරිදි තරුණියක වන ඉමංසි සොයාගෙන තිබේ. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පැවසුවේ ඇය මේ වනවිට හමුවී ඇති බවයි.   පෙර පුවත : අතුරුදහන් වූ ඉමන්‍සි සොයා වික්ටෝරියානු පොලීසිය සහය පතයි!

Read More »

අතුරුදහන් වූ ඉමන්‍සි සොයා වික්ටෝරියානු පොලීසිය සහය පතයි!

අතුරුදන්වූ 16 හැවිරිදි තරුණියක සොයා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය මහජන සහය පතයි. “ඉමංසි” නම් ඇය පසුගිය සිකුරාදා පස්වරු 03.30 ට පමණ Parkville හිදී අවසන් වරට දැක තිබේ. උසින් සෙන්ටිමීටර් 158 ක් පමණ වන ඇයට ඇත්තේ ලාංකික සම්භවයක් සහිත පෙනුමකි. ඉමංසි Point Cook හි වාසය කර ඇත. ඇය පිලිබඳ තොරතුරක් වෙතොත් 8379 0800 මගින් Melbourne North පොලිස් ස්ථානය අමතන ලෙසට ඉල්ලීමක් කෙරේ. https://www.police.vic.gov.au/police-search-missing-teenager-imansi?fbclid=IwAR24G9mI-fshHe54NeXGQuMYdau20TNltbyhT_RGXcZrCkjdNVfmTUsJCRo Pic – Vic Police

Read More »