ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

 

ෆයින්ඩර් විසින් කරන ලද නව පර්යේෂණයකට අනුව හෙළිව ඇත්තේ රියදුරන්ගෙන් සියයට 35ක් මූල්‍ය ආතතිය හේතුවෙන් වාහන අලුත්වැඩියා කටයුතු කල් දමා ඇති බවයි.

 

එනම් මෝටර් රථ නඩත්තු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට නොහැකි වූ රියදුරන් ගණන මිලියන 6.3ක් බව සඳහන්.

 

ටයර් මාරු කිරීම පලුඳු වී ඇති වාහන වීදුරු ඉවත් කිරීම් ගැන ද රියදුරන් මෙලෙස අවදානයක් නොදක්වන බව ද හෙළිව තිබුණා.

 

ෆයින්ඩර් හි පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පැවසුවේ මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් තම මෝටර් රථ අලුත්වැඩියා කිරීමට අපහසු තත්වයක් වර්තමානයේ දී උත්ගතව ඇති බවයි.

 

ඉහළට යන ජීවන වියදමත් සමඟ මෝටර් රථ නඩත්තුව සමහරුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළටම වැටී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙය වාහන ධාවනය කිරීමට අනාරක්ෂිත වීම සහ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන් අවදානමට ලක් කිරීම සමඟ මාරාන්තික ප්රතිවිපාක ඇති කළ හැකි බව විචාරකයින් පෙන්වා දෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »