
රිය පැදවීමට වඩාත්ම භයානක සංවර්ධිත රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට 18 වන ස්ථානය හිමිව තිබෙනවා.
සෑම වසරකම ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සන්සන්ධන වාර්තාවක් ප්‍රකාශයට පත් කරන අතර එම දත්ත සහ සංවර්ධිත රාජ්‍යන්ගේ මාර්ග ආරක්ෂණ දත්ත අනුවයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.
එම වාර්තාවට රටවල් 31ක් ඇතුලත් වන අතර මාර්ග අනතුරු, මාර්ග වැරදි සහ මාර්ග අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයින් සංඛයාව මත පදනම්ව මෙම අධ්‍යනය සිදු කර තිබෙනවා.

රිය පැදවීමට වඩාත්ම භයානක සංවර්ධිත රටවල් ශ්‍රේණිගත කිරීමේදී කොලොම්බියාව පළමු ස්ථානයට පත්ව ඇති අතර දෙවන ස්තානයට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි.
2022 වසරේ සංඛ්‍යා දත්ත මත පදනම්ව මෙම වාර්තාව නිකුත් කර ඇති අතර එම වසර තුල පමණක් කොලොම්බියාවේ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8030 දෙනෙකුට ජීවිත අහිමිව තිබුණා.

තවද එම ශ්‍රේණිගත කිරීමේ චිලි දේශය තුන්වන ස්ථානයටත් නවසීලන්තය 4 වන ස්ථානයටත් නම් කර තිබුණා.
ඉතාලිය එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර බ්‍රිතාන්‍ය පසුවන්නේ 27වන ස්ථානයයේයි.
ජපානය, අයිස්ලන්තය, ස්විඩනය, නොර්වේ යන සංවර්ධිත රාජ්‍යයන් රිය අනතුරු අවම සංවර්ධිත රාජ්‍යයන් ලෙසයි නම් කර ඇත්තේ.